fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුලියාපිටිය උසාවියෙන් තඹ කිලෝ 192ක් අතුරුදන්

    කුලියාපිටිය උසාවියෙන් තඹ කිලෝ 192ක් අතුරුදන්

    කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබුණු තඹ නිලෝ 192යි ග්‍රෑම් 250ක් අස්ථානගතවීමක් සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    අධිකරණ පරීශ්‍රයේ ඇති නඩු භාණ්ඩ රදවනා තබන දැල් කාමරය තුළ මෙම දඹ තොගය තිබී ඇති බව පොලීසිය කියයි.

    මේ සම්බන්ධයෙන් පෙරේදා (29) දින අධිකරණයේ රෙජිස්ටාර්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් කළ බවත් පොලීසිය සඳහන් කළේය.

    මෙම තඹ තොගය නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත්කර ඇත්තේ පන්නල පොලිස් ස්ථානය මගිනි.

    කිසියම් අයෙක් විසින් මෙම තඹ තොගය සොරාගෙන ඇති බව පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img