පුද්ගලික ඔත්තුකරුවෙක් මුණ ගැසීමට කැකුණදුර නගරයට පැමිණි නාවික හමුදාවේ බුද්ධි අංශයේ දෙදෙනෙකුට කළ පහරදීමකින් එම නිලධාරීන් දෙදෙනා තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත්කර ඇත.
මෙම පහරදීම සිදුව ඇත්තේ කැකණදුර නගරයේදී පෙරේදා (13) රාත්‍රී කාලයේදීය.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ තංගල්ල රුහුණු නාවික හමුදා කඳවුරේ බුද්දී අංශයට අනුයුක්තව සේවයේ නිරත ලුතිනන් කමාන්ඩර්වරයෙක් සම බලනැවියෙක් බව මාතර පොලීසිය කියයි.
මෙම නිලධාරීන් දෙදෙනාව වටකර කිහිප දෙනෙක් විසින් යතුරුපැදි ආරක්ෂක හිස් ආවරණය හා අතින් පයින් පහරදී ඇති බවත් පහරදුන් පිරිස අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.