ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිමත් නිලධාරියෙක් වූ විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා නැවතත් පොලිස් සේවයට බඳවා ගැනීමෙන් අනතුරුව අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුර ඔහුට ලබා දී ඇති බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
විශ්‍රාමික රජයේ නිලධරයන් රජයේ සේවයේ යෙදවීම පිළිබඳ විධිවිධාන ඇතුළත් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2018 අනුව 2024 ඔක්තෝබර් 10 සිට වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ශානි අබේසේකර මහතාව පත්කර තිබෙන බව ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම පත්වීමමැතිවරණ කොමිෂන් සභාවේ පූර්ව එකඟතාවය අනුව සිදුකර ඇති බවද ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහන් කළේය.