තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"හේෂා මාව කඩේ යැවුවා" -රත්නපුරෙන් හැලුණු දමිතා කියයි

    “හේෂා මාව කඩේ යැවුවා” -රත්නපුරෙන් හැලුණු දමිතා කියයි

    ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියට සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ ස්ථානය අහිමි වී තිබේ.

    අද(11) දින නාමයෝජනා බාරදෙන අවස්ථාවට එක්වෙමින් ඊට අත්සන් තැබීම සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිය දමිතා අබේරත්න මහත්මියට හිස් අතින් ආපසු හැරී ඒමට සිදුව තිබේ.

    මම රට වටේම ගිහිං සමගි ජනබලවේගය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට දායකත්වය ලබා දුන්නා. මාව කොහෙන්ද දාන්න ඕන කියලා මම මීට කලින් ඉල්ලලා තිබුණේ නැහැ. පහුගිය මැතිවරණයට රත්නපුරේ වැඩ කරන්න ආපු වෙලාවේ හේෂා විතාන සහෝදරයා ඇහුවා ඇයි අක්කේ ඔයා රත්නපුරෙන් ඉල්ලන්නෙ නැත්තෙ කියලා. මම හිතලා තිබුණෙ නෑ කිවුවම, නෑ අක්කේ මෙහෙන් දාන්නම්. මෙහේ කාන්තා නියෝජනයක් නෑ කියලා කිවුවා. තලතාත් අයින් වෙලා ඉන්නෙ අක්ක වගේ කෙනෙක් ආවොත් වැඩක් කරන්න පුළුවන් කියලා හේෂා විතාන මල්ලි කිවුවා. ඉතිං මම ඊට විරෝධය පෑවේ නෑ. මල්ලි යෝජනා කරනවා නම් මම ඉදිරිපත්වෙන්නම් කිවුවා. ඒක නෑ කියනවා නම් මගේ ළඟ සාක්ෂි තියෙනවා. ඊයේ රෑ මට ආරංචියක් ආවා. මගේ නම අයින් කරා කියලා. මගේ නම අයින් කරලා ද ? කියලා ඇහුවම එහෙම ප්‍රශ්නයක් වෙලා නෑ කිවුවා. අරගලයෙන් පසුව ඉදන් මම මේ පක්ෂය වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. නායකතුමාට හේෂා කියලා තියෙන්නෙ මම කැමැත්තෙන් ඉවත් වෙනවා කියලා. එතුමාවත් නොමග යවලා මාවත් කඩේ යවන එක තමයි කරලා තියෙන්නෙ. මේ වගේ පහත් තැනකට හේෂා වැටුණේ ඇයි කියලා දන්නේ නෑ. යැයි දමිතා අබේරත්න මහත්මිය කීවාය.

    මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් මගේ වුණා. ඒ නිසා මම අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා යැයි ද කලා ශිල්පිනියකට ලක්වූ මෙම අසාධාරණය තරයේ හෙළා දකිනවා යැයි ද දමිතා අබේරත්න මහත්මිය පැවසුවාය.

    සජිත් පේමදාස මහතා කොන්දේසි විරහිතව මෙම පහත් ක්‍රියාව සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි විශ්වාස කරන බව කී දමිතා අබේරත්න, විශේෂයෙන් රත්නපුර ජනතාව කල්පනාවෙන් ඉන්න යැයි ද, මේ පහත් ක්‍රියාව කළේ රත්නපුරේ සජබ නායකත්වය බවත් ඇය පවසුවාය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img