තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්තැන් තැන්වල ඇති රජයේ වාහන ගැන තොරතුරු ඉල්ලයි

    තැන් තැන්වල ඇති රජයේ වාහන ගැන තොරතුරු ඉල්ලයි

    විවිධ ස්ථානවල ඇති රජයේ වාහන පිළිබඳ යම් තොරතුරක් දන්නා අයෙකු සිටී නම් ශ්‍රී ලංකා පොලිසියේ 1997 විශේෂ දුරකථන අංකයට ලබාදෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    මෙය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන අංකයකි.

    ඒ අනුව රජය විසින් විවිධ කාර්යන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීති විරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට හෝ එසේම යම් යම් ස්ථානවල නවතා තබා අබලන් වීමට ද ඉඩහැර තිබෙන බවට තොරතුරු ඇතොත් දන්වන ලෙස පොලීසිය කියයි.

    තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවට පොලීසිය සහතික වෙයි.

    තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළි කිරීම ද අත්‍යවශ්‍ය නොවේ.

    නමුත් සත්‍ය තොරතුරු පමණක් ලබා දිය යුතු අතර අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරනු ලබන බවද පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img