දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම වසා දමා ඇතිබව දක්ෂිණ අධිවේගී මාර්ග තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
ඒ පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය සමඟ ඇතිවූ ජලගැලීම් තත්වයක් හේතුවෙනි.
මේ අතර ඊයේ (10) රාත්‍රියේ සිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ,බද්දේගම ,වැලිවිටිය දිවිතුර ,බෝපේ පෝද්දල ,නියාගම ,යක්කලමුල්ල ,ඇල්පිටිය ඇතුළු තදාසන්න ප්‍රදේශවල අතුරු මාර්ග සහ පහත් බිම් රැසක් මේවන විට ජලයෙන් යටවෙමින් පවතියි.