fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නගර සභා සේවකයෙකු මහමඟ වෙඩිතබා මරලා - ඝාතන 2කට පළිගැනීමක්!

    නගර සභා සේවකයෙකු මහමඟ වෙඩිතබා මරලා – ඝාතන 2කට පළිගැනීමක්!

    දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සේවකයෙක් අද (20) සිය රැකියා ස්ථානය බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි පාතාලයේ කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඔහු ට වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.

    යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙහිවල නැදිමාල ක්‍රීඩා පිටිය අසලදී මෙම ඝාතනය සිදුකර ඇත.

    ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල කලුබෝවිල ගුණාලංකාර මාවතේ පදිංචිකරුවෙක් වන එන්. අනුර කොස්තා ((45) නැමැති අයයි.

    පසුගිය 15 වෙනිදා දෙහිවල බඩෝවිටදීත්, 18 වෙනිදා කොහුවලදීත් සිදුවූ ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බව පෙනී යන්නේ යැයි පොලීසිය කියයි.

    පසුගිය 15 වෙනිදා සහ 18 වෙනිදා සිදුවූ ඝාතනයන් සම්බන්ධයෙන් සැකය එල්ලවි ඇත්තේ මෑතකදී බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස් වූ සමන් පෙරේරා නොහොත් චූවා සමන්ත නැමැති අයටය. ඊයේ උදෑසන ඝාතනය වූ නගර සභා සේවකයා චූවා සමන්තගේ මස්සිනා බව පොලීසිය කියයි. චූවා සමන්ත විවහා වී සිටින්නේ ඝාතනය වූ නගර සභා සේවකයාගේ වැඩිමහල් සහෝදරිය සමගිනි.

    පසුගිය 18 වෙනිදා සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටින බවත් ඔවුන් ප්‍රධාන සැකකරුවන් නොවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img