ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදයි.
මේ වෙනුවෙන් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ සැමරුම් උත්සව පවත්වනු ලබයි.
ක්‍රිස්තු පූර්ව පන්සිය හැත්තෑ එකේ දී උපන් නබිතුමා වසර හැටතුනක කාලයක් ජීවත් වෙමින් විශාල සමාජ, ආගමික සේවාවක් සිදුකර ඇත.
ඉස්ලාම් හර පද්ධතියක් ඇතිකිරීමෙහි නියමුවා වන්නේ ද මෙතුමායි. නබි නායකතුමා හතළිස් වන වියෙහි දී මුහම්මද් නබිතුමා ලෙසින් අවසන් නබිතුමා වශයෙන් තෝරා පත්කරගෙන ඇති බව ද ඉතිහාසයේ සඳහන් වේ.
මේ අනුව නබිතුමාගේ ජන්ම දිනය ඉස්ලාම් බැතිමතුන්ගේ විශේෂ දිනයක් ලෙස සැළකේ.
තම පෞද්ගලික ජීවිතය තුළින් අන්අයට ආදර්ශයක් වෙමින් සිය අනුගාමිකයන්ට ආදරය හා භක්තියේ වැදගත්කම කියා දුන් නබිතුමා සමාජයේ ඇති නැති පරතරය නැති කර සමානාත්මතාවට කැපවී ක්‍රියා කළ අයෙකි.
ඒ හේතුවෙන් දුප්පත් අයට සංග්‍රහ කිරීමට බොහෝ ඉස්ලාම් භක්තිකයන් මෙම දිනයේ දී කටයුතු කරනවා. ඉතිහාසයේ බොහෝ පාලකයින් නබිනායක තුමාගේ දේශපාලන දර්ශනය තුළින් තම පාලනය ගෙන ගිය බව ද ඉතිහාසයේ සඳහන්.
ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.
මිලාද් උන් නබි දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩය පහතින්.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුබපැතුම් පණිවුඩය පහත දැක්වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කරන ලද සුබපැතුම් පණිවිඩය පහතින්.