fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රහස් පොලීස් ලොක්කෙකුගේ මුහුණ පිහියකින් කපලා

    රහස් පොලීස් ලොක්කෙකුගේ මුහුණ පිහියකින් කපලා

    spot_img

    රාජකාරි නිමවී සිය නිවස බලා යතුරු පැදියකින් ගමන්කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාශයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා කටානේදී පහරදී මුහුණ පිහියකින් කැපූ එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වන පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මුහුණ අගල් දෙකක පමණ ප්‍රමාණයක් කැපී ඇති බවත් ඔහු මීගමුව රෝහලට ඇතුලත්කර සිටින බවත් කටාන පොලීසිය කියයි.

    මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා යතුරුපැදියේ නැගී ගමන්කරමින් සිටියදී ඔහුට මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඊයේ (04) සවස කටාන පොලිස් වසමේ නුගවෙල පාරේදීය.

    පොලිස් නිලධාරියා ගමන්කරමින් සිටි මග හරස් වන ලෙස බීමතින් පුද්ගලයින් දෙදෙනෙක් රැදී සිට ඇති බවත් එහිදී ඇතිවූ යම් සිදුවීමක් මුල්කරගෙන පොලිස් නිලධාරියාට පහරදී මුහුණ කපා ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් කටාන පොලීසියට තොරතුරු ලැබීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙනා හදුනාගෙන එක් සැකකරුවෙක් අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. තිඹිරිගස්කටුවේ පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම පහරදීමට සම්බන්ධ සෙසු සැකකරු පළාගොස් සැගව සිටින බැවින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img