ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන ලබන 21 වැනි දින පෞද්ගලික අංශයේ සේවයේ නියුතුවූවන්ට ඡන්දය සලකුණු කිරීම සඳහා නිවාඩු ලබා දීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් කර තිබේ.
නිවාඩු ලබාදීම සිදුකළ යුතු ආකාරය පහතින් දැක්වේ.
40 km හෝ ඊට අඩු නම් – දින භාගයයි
40 kmත් 100 kmත් අතර නම් – දින එකයි
100 kmත් 150 kmත් අතර නම් – දින එකයි, භාගයයි
150 kmට වැඩි නම් – දින දෙකයි
අවස්ථාවෝචිතව දින 3ක් දක්වා නිවාඩු ලබා දිය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටී.