මෙවර ජනාධිපතිවරණයේදී, ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විවාදය සඳහා මහජනතාවට ප්‍රශ්න යොමු කළ හැකි කාලය අදින් (2දා) අවසන් වන බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
මෙම විවාදය අදියර තුනක් වශයෙන් පැවැත්වීමට නියමිත අතර, එහි පළමු අදියර එළැඹෙන 07 වැනිදා පැවැත්වේ.
දෙවන අදියර 8 වැනිදා සහ තෙවන අදියර 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.
පහත දැක්වෙන සබැඳිය ඔස්සේ එම ප්‍රශ්න යොමු කිරීමට මහජනතාවට අවස්ථාව හිමිවේ.
ගූගල් පෝරමය:
https://bit.ly/presidentialDebate 2024
තවද මාර්තු 12 ව්‍යාපාරයේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් එවීම මගින් ද ජනතාවට තම ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව පවතිනවා.
ෆේස්බුක් පිටුව: https://www.facebook.com/march12movement