ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම සැප්තැම්බර් මස සංශෝධනය නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පැවසීය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් තිබේ.
ඊට පෙර සූදානමක් ලෙස පසුගිය මස ගෑස් වැඩි ප්‍රමාණයක් ඇනවුම් කිරීම නිසා ගැටලුවක් මතුනොවන බවද පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.