fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රනිල්ගේ අභියෝගයට සජිත් ලෑස්තියි -අනුර තාම නෑ

    රනිල්ගේ අභියෝගයට සජිත් ලෑස්තියි -අනුර තාම නෑ

    spot_img

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සජීවී සංවාදයට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද අභියෝගය බාරගන්නා බව සමගි ජන බලවේගය පවසයි.

    මෙරට තුළ ක්‍රියාත්මක කර ඇති විස්තීරණ අරමුදල් පහසුම සහ ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට අදාළව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කොන්දේසි තමන් බලයට පැමිණියහොත් සංශෝධනය කරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේග ජනාධිපති අපේක්ෂකයන් අදහස් දැක්වීම හේතුවෙන් එම අරමුදල සමඟ වීඩියෝ සජීවී සංවාදයක් පවත්වා ජනතාවට දැකබලාගැනීමට හැකිවන පරිදි සංවාදයක් පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා අභියෝගයක් කළේය.

    ඊට ප්‍රතිචාර වශයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් මේ බව සදහන් කර ඇත.

    IMF සමඟ ඔ්නෑම අවස්ථාවක ඔ්නෑම ආකාරයේ සංවාදයකට පැමිණෙන බවට එම නිවේදනයේ සඳහන් කර ඇති අතර එම නිවේදනය පහතින් දැක්වේ.

    කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් කළ මෙම අභියෝගයට ජාතික ජන බලවේගය හෝ අපේක්ෂක අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

     

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img