fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPරනිල් දිනවන්න පොහොට්ටු -අලි ගමට බහී

    රනිල් දිනවන්න පොහොට්ටු -අලි ගමට බහී

    spot_img

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම් කටයුතු තවදුරටත් ගම්මට්ටමට ගෙන යා යුතු බවට එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපතිවරයාට සහය දක්වන අනෙකුත් පාර්ශව ඉකුත් සතියේදී දීර්ඝව සාකච්ඡා කළහ.

    “අපි පුළුවන් තරම් ප්‍රචාරක වැඩ ගමට ගෙනියන්න ඕන. මම ගම්පහ දැනටමත් වැඩ පටන්ගෙන තියෙන්නේ.” ඇමති ප්‍රසන්න කීය.

    “ඔව්..අපි මේ වෙලාවෙදි කතා කරන්න ඕන ගමේ මිනිස්සුන්ට. පක්ෂ විපක්ෂ හැම කෙනා එක්කම අපි කතා කරන්න ඕන. ඒකකෙනෙක්වත් මඟ හරින්න නරකයි” හිටපු ඇමති මනූෂද කතාවට හවුල් විය.

    “අලුත් ආදර්ශයක් දෙන්නත් එක්ක පොහොට්ටුවෙ අපියි, එක්සත් ජාතික පක්ෂයේ අයයි එකටම ගමට යමු. මේ සමඟිය ගමට ගෙනියමු.” ඇමති ප්‍රසන්න කී කතාවට සියල්ලන්ගේම අනුමැතිය හිමි විය.

    (ආසන ක්‍රියාකාරී හමුව)

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ආසන ක්‍රියාකාරීන් හමුව ඉකුත් සති අන්තයේදී පැවැත්විණ. ඇමති රමේෂ් පතිරණ,මන්ත්‍රී වජිර අබේවර්ධන,හිටපු ඇමති මනූෂ නානායක්කාර මේ සඳහා සහභාගී විය.

    (සිරිකොතත් වැඩට බහී)

    ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ වැඩ ගමට ගෙනයාම පිළිබඳව සිරිකොත පක්ෂ මූලස්ථානයේදීදී ඉකුත්දා කතා බහ කෙරිණි. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන,හිටපු ඇමති මනූෂ නානායක්කාර,පක්ෂ මහලේකම් පාලිත රංගේ, ප්‍රධාන විධායක නිළධාරී ශ්‍යාමල් සෙනරත් මේ සඳහා සහභාගී වූහ.

    එහිදී මනූෂ ප්‍රචාරක වැඩපිළිවෙළ ගැන කරුණු දැක්වීය.

    ” අපි ගාල්ලේ වැඩේ පටන් ගෙන ආසන ක්‍රියාකාරීන් හමුවුණා. ඡන්ද පොළ නියෝජිතයන් එක්කත් කතා කළා. පොඩි… පොඩි රැස්වීම් සෑහෙන ප්‍රමාණයක් දැනටමත් කරල ඉවරයි. ප්‍රසන්න ඇමතිතුමත් ගම්පහ ඒ වගේම වැඩටික කරගෙනයනවා. කංචන,මහින්දානන්ද ඇතුළු අනෙක් ඇමතිවරු ටිකත් වැඩ කරගෙන යනවා. ඒවට හොඳ ජනතා ප්‍රතිචාර තියෙනවා” හිටපු ඇමති මනූෂ දීර්ඝ විස්තරයක් කරමින් කීය.

    (මනූෂට පැවරුණු වගකීම)

    එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් ගම්මට්ටමින් ක්‍රියාකාරීන් හමුවීම පිළිබඳ වැඩ පිළිවෙල සැකසීම හිටපු ඇමති මනූෂට භාරවිය.

    ඒ අනුව එ.ජ.ප නියෝජිතයන් මේ සතියේ සිට ගමට ගොස් ජනතාව හමුවීමටත්,ඡන්ද පොළ නියෝජිතයන් හමුවීමටත් තීරණය විය.

    (තව දෙන්නෙක් ෂුවර්)

    සමඟි ජනබලවේඟය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිට සාර්ථකව අවසන්ව ඇති අතර නුදුරු දිනයකදී එම පිල්මාරුව සිදුවනු ඇතැයිද වාර්තාවේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img