fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අත්‍යාවශ්‍යම නම් විතරක් පාස්පෝට් ගන්නැයි ඉල්ලීමක්

    අත්‍යාවශ්‍යම නම් විතරක් පාස්පෝට් ගන්නැයි ඉල්ලීමක්

    spot_img

    විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    එබැවින් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන මෙන් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටි.

    එම දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ඇති හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් අවශ්‍යතාව සපයා ගන්නා තෙක්, මෙම ඉල්ලීම කර ඇත.

    නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති අතර ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමත් ප්‍රදානය කර ඇත.

    එසේ වුවද, දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් සපයා ගැනීමට කටයුතු කර ඇත.

    මෙම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ලඟා වීමට නියමිතය.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය වසරේ නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවෙන්, විදේශගත වී ඇති විදේශ ගමන් බලපත්‍රලාභීන් සංඛ්‍යාව 23% ක ප්‍රමාණයකි.

    විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදය නිසා මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කණගාටුව පළ කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img