fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් දිවි සිනමාවට සමුදෙයි

    ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් දිවි සිනමාවට සමුදෙයි

    spot_img

    70 දශකයේ යොවුන් සිනමාවේ පුරෝගාමියා ලෙස හැඳින්වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා ඊයේ (25)අභාවප්‍රාප්ත වී තිබේ.

    කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (25) පස්වරුවේ බටුවත්තේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 89 කි.

    1935 වසරේ නොවැම්බර් 10 වැනිදාවක සුගතපාල සෙනරත් යාපාගේ උපත සිදුවෙන්නේ, අකුරැස්ස මලුදූව නෙරළුව ගම්මානයේදී ය.

    වර්තමානයේදීද කතා බහට ලක්වන ‘හන්තානේ කතාව” කතාව අධ්‍යක්ෂනය කරමින් සිනමාවට එක්වූ ඔහු එම චිත්‍රපටය හරහා මෙරට බිහිවූ කඩවසම්ම රංග පෞරුෂය වූ විජය කුමාරතුංගයන්, රිදී තිරයට හඳුන්වා දෙනුලැබීය.

    ධර්මසේන පතිරාජ, විජය ධර්මශ්‍රී, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර වැනි චරිත, හන්තානේ කතාව හරහා ඔහු ජනගත කළ දැවැන්ත සිනමා චරිත වේ.

    ලාංකේය සිනමාලෝලීන් අතර අතිශය ජනප්‍රිය වූ “පෙම්බර මධූ” සහ “ඉන්දුට මල්මිටක්” සුගතපාල සෙනරත් යාපා සිනමාවට දායාද කළ සෙසු සිනමා වත්කම් ය.

    ඊට අමතරව ඔහු ‘පස්වැන්න’, ‘ගරුඩගල’, ‘උඩවැඩියා මල් දෙකක්’, ‘අනාගතය උපන් දවස’, ‘ඉසුරු සයුර’, ‘දළදා සිරිත’, ‘ආචාර්ය කොල්වින්’, ‘රන්දිය දහර’, ‘අපට හෙටක් ඇත’ සහ ‘පියා සහ දරුවෝ’ වැනි වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළ අතර එයින් ‘ගරුඩගල’ වාර්තා චිත්‍රපටය සඳහා 15 වැනි ඉරාන අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාවට රජත සම්මානය හිමිකර දුන්නේය.

    කලක් විශ්වවිද්‍යාල සිනමා පාඨමාලා හි බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ සුගතපාල සෙනරත් යාපා මහතා ජාතික රූපවාහිනියෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img