fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංගම සේවකයන්ට වෛද්‍ය වාර්තා අනිවාර්ය කරයි

    ලංගම සේවකයන්ට වෛද්‍ය වාර්තා අනිවාර්ය කරයි

    spot_img

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරනු ලබන වයස අවුරුදු 40 සහ ඊට වැඩි සේවකයින් වෛද්‍ය වාර්තා ලබා ගැනීම අනිවාර්ය කෙරේ.

    බස් රථයක් පදවාගෙන යමින් සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්ව බස් රථ රියදුරෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟ මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව, වයස අවුරුදු 40 ට වැඩි සියලුම සේවකයින්ට සෑම මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබා දීම අනිවාර්ය කෙරේ.

    මෙම අවශ්‍යතාවය පිළිබඳව සියලුම රියදුරන්ට දැනුම් දෙන බව පාලනාධිකාරිය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img