සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙයි.
අද (21) පාර්ලිමේන්තුවේදී ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ “එක පැත්තකින් අපේ දැවැන්ත මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා. අපේ මව් පක්ෂයේ නායකයාත් හිටපු නියෝජ්‍ය නායකයාත් දෙන්නම දේශපාලන සතුරන් බවට පත්වෙලා. ඒ දෙන්නම ජනාධිපති වෙන්න තරග කරනවා. අනෙක් හැමෝම එකතු වෙන්න උත්සාහ කරන මේ වගේ වෙලාවක අපේ කඳවුර බෙදිලා දෙන්නෙක් තරග කරන්න ගත්ත තීරණය සමග මගේ හෘද සාක්ෂියට එකඟව කොහෙත්ම එකඟ වෙන්න බෑ… නායකයින් දෙදෙනා දෙපැත්තකට වී තරග කිරීමට ගත් තීරණය ආත්මාර්ථකාමී රටේ අනාගතය ගැන සිතා බලන්නේ නැතුව ගත් දේශපාලන තීන්දුවක් බව මගේ විශ්වාසයයි. ඒ බව ඉතිහාසය විසින් නුදුරු දිනයක දී ඔප්පු කරයි.” යනුවෙනි.
කෙසේවෙතත් තමා දේශපාලනයෙන් කිසිදිනෙක ඉවත් නොවන බව ද ඇය කියාසිටී.
ඇය රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරමින් 25 වසරක දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ගාමිණී අතුකෝරලගේ නැගණියයි.
ඇය 2004 වසරේදී දේශපාලනයට පිවිසියේ සිය සොයුරාගේ අභාවයෙන් පසුවයි.
ඇයගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් දැක්වේ.