පාකිස්ථාන පාර්ලිාමේන්තුව මුහුණ දෙන නවතම අභියෝගයක් සම්බන්ධයෙන් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
නිරන්තරයෙන් දේශපාලන කුණාටුවලට හසුවෙන පාකිස්ථාන පාර්ලිමේන්තුව මෙවර මුහුණ දෙනු ලබන්නේ වෙනස්ම අභියෝගයකටයි.
ඒ අනුව මේ වන විට පාකිස්ථාන පාර්ලාමේන්තුව මීයනගේ ආක්‍රමණයකට ලක්ව ඇති අතර එය එරට පාර්ලිමේන්තුව මුහුණ දෙන දරුණුතම අභියෝගය බවට පත්ව ඇති බවට වාර්තා වේ.
පාකිස්ථාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මීයන්ගේ රජදහනක් බවට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිම අවධානයක් යොමු වූයේ 2008 වර්ෂයේ පැවති කමිටු වාර්තාවක් සෙවීමේදී එය මීයන් විසින් විනාශ කර ඇති බවට අනාවරණය වීමත් සමඟයි.
මේ සම්බන්ධයෙන් පාකිස්ථානයේ ජාතික සභාවේ ප්‍රකාශක සඳහන් කර ඇත්තේ, “පාර්ලිමේන්තුවේ සිටින මීයන් කොතරම් විශාලද කියනවා නම් බළලුන් පවා මීයන්ට බයවෙන්න පුළුවන්.”යනුවෙනි.
මෙම මීයන්ගේ ආක්‍රමණය කෙතරම් බරපතළ තත්ත්වක් පවතින්නේද යන්නේ නම් මීයන් මර්ධනය සඳහා පාකිස්ථනය වාර්ෂිකව පාකිස්ථාන රුපියල් ලක්ෂ දොලහක මුදලක් වැය කිරීමට සිදුව තිබේ.
මීයන් බහුතරයක් පළමු මහලෙග් පිහිටා ඇති විපක්ෂ නායක කාර්යාලය පිහිටි ප්‍රදේශයෙත්, දේශපාලන රැස්වීම් රැසක් පවත්වනු ලබන කමිටු ශාලාවල ගැවසෙන බවට අනාවරණය වී ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.
මෙම මහලේම පාර්ලිමේන්තුවේ භෝජනාගාරයද පිහිටා ඇති බැවින් මෙලෙස මීයන් බහුතරයක් පළමු මහලේ ගැවසීමට ඉඩ ඇති බවට විශ්වාස කරයි.
දහවල් කාලයේදී මීයන් මෙම කිසිඳු මහලක දක්නට නොලැබුණත් සන්ධ්‍යා කාලයේදි විශාල වශයෙන් පිටත පැමිණීම සිදුවන බවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් රාත්‍රි කාලයේදි විශාල වශයෙන් ඉහළ ය.
මීයන්ගේ ක්‍රියාකාරකම් පාර්ලිමේන්තු සේවකයින් හට ඉතා සුලභ සිදූවීමක් බවට පත්ව ඇති බවටද වාර්තා වේ.
මෙම මීයන් ගහනය පාලනය කිරීමට හැකි ආයතනය සොයා ගැනීමට සඳහා එරට පාර්ලිමේන්තුව විසින් දැන්වීමද පළකර තිබුණටත් ඊට ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත.
කෙසේවෙතත් මෙම ගැටළුව විසඳීම සඳහා, ප්‍රාග්ධන සංවර්ධන අධිකාරිය විසින් මීයන් ඇල්ලීම සඳහා පුහුණු කරන ලද දඩයම් බළලුන් කුලියට ගැනීම ඇතුළත් සැලැස්මක් සකස් කර ඇත.
මීට අමතරව මීයන් කාර්යාලවලින් බැහැරව තැබීම සඳහා විශේෂ මී උගුල් සවි කිරීමට නියමිතය.
මෙම මීයන් කරදරය මුලිනුපුටා දැමීමේ ප්‍රයත්නයන් සඳහා උපකාර කිරීම සඳහා පෞද්ගලික අංශයේ සමාගම් වෙතින් තවදුරටත් සහය අපේක්ෂා කරන බව එරට වාර්තා පෙන්වා දේ.