තණමල්විල පිහිටි පාසලක අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයන් කර දූෂණය කළ 17 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලීසිය සඳහන් කරයි.
මෙම අපරාධය ඇයට සිදුව ඇත්තේ 2022 වසරේදී අවස්ථා කිහිපයකදී බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
තණමල්විල පදිංචිකාරියක් වන ඇය මුලින්ම දූෂණය වී ඇත්තේ ඇගේ පෙම්වතාගෙනි. ඒ මිතුරෙකුගේ නිවසක් තුළදීය.
අනතුරුව පෙම්වතාගේ මිතුරන් දෙදෙනෙක්ද ඇයට අතවර කරමින් දූෂණය කර ඇති බව කියැවේ.
අනතුරුව ඇය අතවරයට හා දූෂණයට ලක් වී ඇත්තේ තණමල්විල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ ඇති කාමරයක් තුළදිය. ඒ දෙදෙනෙකු අතිනි.
නැවතත් ඇය දූෂණය වී ඇත්තේ තණමල්විල කිරිදිශය රක්ෂිතය තුළදී බව පොලීසිය කියයි. ඊට 06 දෙනෙක් සම්බන්ධව සිට ඇත.
හම්බෙගසුවේ පිහිටි පාසල් වැසිකිලියක් තුළදීය ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන්ද පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
නැවතත් ඇය දූෂණයට ලක්ව ඇත්තේ නිවසක් තුළදීය. එම නිවසේදී දෙදෙනකු විසින් ඇයව දූෂණය කර තිබේ.
නැවතත් තවත් අයෙකුගේ නිවසක් තුළ ඇය දූෂණය වී ඇති අතර ඊට සම්බන්ධව ඇති ගණන 03කි.
මේ කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති අතර ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.