නීතීඥවරයෙකු පැදවූ මෝටර් රථයක යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු මියගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ පාර්ලිමේන්තු පාරේ රුක්මල් වත්තට හැරෙන හන්දිය අසලදීය.
පෙරේදා (08) සවස සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල්ගත කර ප්‍රතිිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ ඊයේ සවස් කාලයේදී බව මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ වැලිකඩ පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තෙත් පාදුක්ක කන්දෙවත්තේ පදිංචි 43 හැවිරිදි වියේ පසුවන්නෙකි. නීතීඥයා බෙලිඅත්තේ පදිංචිකරුවෙකි. මෙම අනතුර සම්බන්ධයෙන් නීතීඥවරයා අත්අඩංගුවට ගත් බවත් ඇප මත පසුව මුදා හැරිය බවත් පොලීසිය කියයි.