ඇසල පෙරහරේ ආරක්ෂාවට මහනුවර අම්පිටිය පාරේ ස්ථාපිත කර ඇති මාර්ග බාධක සෝදිසි මුරපොලට ඊයේ (09) සවස පාලනයෙන් තොරව පැමිණි ත්රීරෝද රථයක් කඩාවැදී සැරයන්වරියක් සහ කොස්තාපල්වරයෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත්කර ඇත.
අනතුරින් පසුව කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ ත්රීරෝද රථයේ රියදුරා බීමතින් සිට ඇති බවය. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බුලත්කොහුපිටියේ පදිංචිකරුවෙක් වන මෙම ත්රීරෝද රථ රියදුරා වයස අවුරුදු 36ක අයෙක් බව පොලීසිය කියයි.