තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්්ශන අංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී ඝාතනය කර ඇත.
මෙසේ ඝාතනය වී ඇ.ත්තේ තංගල්ල කඳුරුපොකුණ මාර්ගයේ යෝධ කණ්ඩිය ප්‍රඡා ශාලාව අසලදීය.
ඝාතනය වී ඇත්තේ තංගල්ල කඳුරුපොකුණේ පදිංචිව සිටි පොලිස් කොස්තාපල් එල්.එස්. සමන් කුමාර නැමැති 34 වියැති පොලිස් නිලධාරියෙකි.
මෙම ඝාතනය සම්බන්දයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල නගර නිවාස සහ පඤ්ඥාවාස මාවතේ පදිංචි දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් කොස්තාපල්වරයාගේ සහෝදරයා පසුගිය 08 වෙනිදා මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී පිරිසක් බීමතින් මාර්ගය අවහිරවන ලෙස රැදී සිට ඇත. මේ ගැන එම සහෝදරයා පොලිස් සහෝදරයාට පවසා ඇති බවත් ඒ අනුව මෙම නිලධාරියා එම ස්ථානයට ගිය පසු ඇතිවූ වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති බවත් පොලීසිය කියයි. එහිදී පොලිස් නිලධාරියාටත් සහෝදරයාටත් පොදුවලින් පහරදී ඇති බවත් එම පහරදීම්වලින් තුවාල ලබා රෝහල්ගත කළ පොලිස් නිලධාරියා ඊයේ මියගොස් ඇති බවත් පොලීසිය කියයි.