තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරීන්ට -මනූෂට මන්ත්‍රීකමයි ඇමතිකමයි දෙකම නැතිවෙයි

    හරීන්ට -මනූෂට මන්ත්‍රීකමයි ඇමතිකමයි දෙකම නැතිවෙයි

    අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් තම පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජනබලවේගය ගත් තීරණය නීත්‍යානුකූලව වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ.

    මෙම නඩු තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි වනු ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමත් සමඟම ඔවුන්ට අමාත්‍ය ධුර දැරීමේ හැකියාවද අහිමි වී යයි.

    හරීන් ප්‍රනාන්දු මහතා මේ වනවිට සංචාරක හා ඉඩම් අමාත්‍ය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍වරයා ලෙස කටයුතු කරයි.

    එමෙන්ම මනූෂ නානායක්කාර මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img