fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ඡන්ද 1000 ක් වත් ගන්න බැරි අය ඡන්දෙ ඉල්ලන්නේ මොනඑහෙකටද?"

    “ඡන්ද 1000 ක් වත් ගන්න බැරි අය ඡන්දෙ ඉල්ලන්නේ මොනඑහෙකටද?”

    spot_img

    ඡන්ද 1000 ක් වත් ලබාගැනීමට නොහැකි අය ජනපතිවරණයට ඉදිරිපත් වීමෙන් අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න ප්‍රශ්නයක් බවත් මේ නිසා ඡන්ද විමසීමට අමතරව වැය කරන්නට සිදුවන මුදල කෝටි ගණනක් බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.

    මේ නිසා ඡන්ද පත්‍රිකාව අනවශ්‍යය ලෙස විශාල වීමෙන් මුද්‍රණ වියදම් ඉහළ යෑමට අමතරව තමන් කැමැති අපේක්ෂයාට ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේ දී ජනතාව ද අසීරුතාවට පත්වනු ඇති බව ද මල්වතු පාර්ශවයේ අනුනායක නාහිමියෝ පවසති.

    ඇතැම් අප්‍රසිද්ධ පුද්ගලයින් නම ප්‍රසිද්ධ කර ගැනීමට ඇති කෑදර කම නිසා ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවත් ඉදිරියේ දී තවත් අය ඇප මුදල් තැන්පත් කිරීමෙන් ඡන්ද පත්‍රිකාව තවත් දිගුවීමට ඉඩ තිබෙන බවත් අනුනාමියෝ පැවසූහ.

    මහපතරංග ජාතකය මෙන් ඡන්ද පත්‍රිකාව දිගු වීම නිසා රජයේ මුදල් මෙන්ම නිලධාරීන් ගේ කාලය,ශ්‍රමය අමතරව වැය කිරීමට සිදු බව ද උන්වහන්සේ කීහ.

    ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි හිමිනමක් ඒ සඳහා මුදල් ගෙන ඒමට අමතක වූ බව පවසා ආපසු හැරී ගොස් නැවත වෙනත් දිනයක පැමිණි බවත් ජනපති ධූරයට පත්වීමේ අපේක්ෂාවෙන් වැඩ කරන අය ගේ මොළය වැඩ කරන්නේ මෙසේ නම් එය විශාල ගැටලුවක් බවත් විමලධම්ම නාහිමියෝ ප්‍රකාශ කළහ.

    උගත්, බුද්ධිමත් දේශාපලනය ගැන කිසිදු අවබෝධයක් නොමැති අය ජනපති ධූරය සඳහා ඉදිරිපත් වීම විශාල ගැටලුවක් බවත් මේ නිසා නියම සුදුස්සා තෝරා ගැනීමට යාමේ දී ඡන්දදායකයා ද අපහසුතාවට පත්වීමට ඉඩක් තිබෙන බවත් උන්වහන්සේ පැවසූහ.

    ඡන්දදායකයින් ඇතැම් අපේක්ෂකයින් පසුපස තවලම පසුපස යන ගොනුන් සේ ගමන් කරන බවත් එසේ නොමැතිව රට බාර දීමට නියම සුදුස්සා කවුද යන්න තෝරා ගැනීමේ වගකීම ජනතාවට තිබෙන බවත් අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

    “ දූෂණය නවතමු මව්බිම ගොඩ නගමු සන්ධානයේ“ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා යන මහත්වරු ඊයේ (08) මල්වතු මහා විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී උන්වහන්සේ ඒ බව සඳහන් කළහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img