ස්වාධින කොමිෂන් සභාවක නීති අංශයේ නිලධාරියෙකුගේ කුරුණෑගල පිහිටි නිවසකට හොරු පැන රුපියල් ලක්ෂ 52කට අධික වටිනාකමක් ඇති මුදල් හා රන් භාණ්ඩ සොරාගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.
නිවසේ ජනේලයක් බිඳ කාමරයකට ඇතුළු වී එම කාමරයේ අල්මාරියේ තිබී මුදල් හා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව කුරුණෑගල පොලීසිය සඳහන් කරයි.
මුදල් රුපියල් 80,000ක්, අමෙරිකානු ඩොලර් 200ක්, කොරියන් යෙන් 1,100ක්, යුරෝ 50ක්, ඉන්දියානු රුපියල් 80ක්, ඕස්ට්‍රේලියානු ඩොලර් 50ක්, පවුම් 07ක් බර රන් මාල 02ක්, පෙන්ඩන් 04ක්, කරාඹු ජෝඩු 25ක්, අත් පළදනාවක්, රන් පටි 02ක්, රන් ගුලි 01ක්, පීරිගාන ලද රන් කුඩු, මුදු කැබලි 03ක්, රිදී මුදු 10ක්, රිදී පෙන්ඩන් 01ක්, අමෙරිකන් ඩයමන් කුඩා ගල්කැට 200ක්, සුදුපැහැති අමෙරිකන් ගල් 170ක්, ජංගම දුරකථන 04ක් හා ටැබ් යන්ත්‍රයක් සොරාගත් දේපොල අතර ඇතැයි පැමිණිල්ලෙහි සඳහන් බව පොලීසිය කියයි.