තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැකො අමාත්‍යාංශ ලේකම්වරුත් කැඳවයි

    මැකො අමාත්‍යාංශ ලේකම්වරුත් කැඳවයි

    අමාත්‍යාංශ ලේකම්වරුන් ලබන සතියේදී මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබේ.

    මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ඔවුන් කැඳවූ බවයි.

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග ඊට අදාළව රට තුළ ක්‍රියාත්මක නීතිය පිළිබඳව ඔවුන් වෙත යළි අවධාරණය කිරීමට මෙහිදී අපේක්ෂා කරන බව ඔහු පැවසුවේ ය.

    මේ අතර , රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ද කොළඹට කැඳවා මැතිවරණ නීතිය පිළිබඳ දැනුවත් කිරීමට සැලසුම් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img