ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස රජය ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දී තිබේ.
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා දැනුම් දෙන්නේ අත්‍යාවශ්‍ය අවශ්‍යතාවක් සඳහා මිස ලෙබනනය වෙත නොයන ලෙසයි.
හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඝාතනයෙන් පසු මැදපෙරදිග කලාපය තුල උත්සන්න වන ආතතීන් මධ්‍යයේ මෙම තීරණය ගෙන තිබේ
දැනට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ පදිංචිව සිටී.
පවතින ගැටුම ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්ධනය වුවහොත් ඉරානයේ සහ එහි කලාපයේ සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් නැවත ගෙන්වා ගැනීමට රජයට සැලසුමක් ඇති බව අමාත්‍යවරයා මීට පෙර පවසා තිබුණි.
මෙම තත්ත්වය නිරීක්ෂණය කිරීමට සහ අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් කමිටු දෙකක් පත් කර ඇත.