මොරගොල්ලාගම ගම්මානයේ පදිංචි කාන්තාවන්ට වසරක කාලයක් තිස්සේ ලොකුම හිසරදයක් බවට පත්ව තිබුණේ යට ඇදුමක් වේලෙන්නට වැලක දැමීමට බැරි තත්ත්වයකි. ඒ යට ඇදුම් අතුරුදන්වීමට පටන් ගැනීම නිසාය. මේ ගැන පොලීසියට පවා කීවද පලක් නොවීය. ඒ කාන්තා යට ඇදුම් සොරා අල්ලන්නට පොලීසිය කොතරම් උත්සහ ගත්තද එය එතරම් පහසු කටයුත්තක් නොවූ බැවිනි.
මෙම ගම්මානයේ කාන්තා යට ඇදුම් සොරාගන්නේ එක කාලයකටය. ඒ නිසා සොරාව හදුනා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවීය.
පොලීසියද බුද්ධි අංශ යොදවා මේ ගැන කාලයක්ම ඇස ගසාගෙන සිටිමින් පෙරේදා (30) යුධ හමුදා සෙබලෙක් අත්අඩංගුවට ගන්නේ කාන්තා යට ඇදුම් සොරාගැනීම සම්බන්ධයෙන් සැකපිටය. ඉංජිනේරු බලකායේ කොකාවිල් යුධ හමුදා කඳවුරේ සේවයේ නිරත මෙම සෙබලා මොරගොල්ලාගම බොරවැව පදිංචිකරුවෙකි.
පොලීසිය මෙම සෙබලාගේ නිවස එදා සෝදිසි කළේය. එහිදී ඔහු රැදී සිටි කාමරය පිරෙන්නට තිබී ඇත්තේ සොරාගත් කාන්තා යට ඇදුම්වලිනි. ඇද මෙට්ටය මතත් කොට්ටයටත් තබාගෙන තිබී ඇත්තේ කාන්තා යට ඇදුම්ය. පොලීසිය පවසන්නේ කාන්තා යට ඇදුම් 500කට වැඩි ප්රමාණයක් එහි තිබී සොයාගත් බවය.