තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පක්ෂ මතයට පිටුපාන මන්ත්‍රීලාට පොහොට්ටුවෙන් දඬුවමක්

    පක්ෂ මතයට පිටුපාන මන්ත්‍රීලාට පොහොට්ටුවෙන් දඬුවමක්

    ඉදිරි ජනාධිපතිවරයේදී පක්ෂයේ තීරණයට එරෙහිව කටයුතු කරන සියලු මන්ත්‍රීවරුන් ඔවුන් දැරූ වගකීම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබේ.

    එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු සැලසුම් කර ඇති බවයි.

    ඒ අනුව ආසන සංවිධායක ධුර මෙන්ම පක්ෂයේ නිලතලවලින් ඔවුන් ඉවත් කිරීමට නියමිතව තිබේ.

    අදාළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව සමීපව අධ්‍යයනය කිරීමෙන් පසු මෙම තීරණයට එළඹෙනු ඇති.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරේදා තීරණය කළේ, පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමටයි.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක් ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බව දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (30) පස්වරුවේ නිවේදනය කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img