fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශාන්තිකර්මයක් කරගන්න ආ කාන්තාව මත්කරලා කරපු දේ..

    ශාන්තිකර්මයක් කරගන්න ආ කාන්තාව මත්කරලා කරපු දේ..

    spot_img

    ශාන්ති කර්මයක් කරගැනීමට මිනුවන්ගොඩ කෝපිවත්තේ පිහිටි දේවාලයකට ගිය කාන්තාව රැවටීමට ලක්කර මත්වීමට පානයක් ලබාදී ඇය පැළද සිටි රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගත් බව කියන දේවාලය පවත්වාගෙන ගිය දේවගැති කාන්තාවක් මිනුවන්ගොඩ පොලීසිය අත්අඩංගලුවට ගෙන ඇත.

    ඉදිරියේදී මරණය හෝ දේපල අහිමිවීමේ තර්ජනයක් ඇතිවන බව පවසමින් කාන්තාවක බිය ගන්වා පූජාව කිරීමට ප්‍රථම ඇය පැළද සිටින රන් භාණ්ඩ සුදු රෙදි කඩක් මත තබන ලෙස පවසා අනතුරුව ඇයට මත්ද්‍රව්‍යක් සහිත පානයක් බීමට දී මෙම සොරකම සිදුකර ඇති බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළේය.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටින කාන්තාවකි. පවුම් 09ක් බරැති රන් මාල 02ක්, වළලු 01ක් පෙන්ඩන් 03ක්, කරාඹු ජෝඩුවක් සහ අත්ඔරලෝසුවක් සොරාගත් භාණ්ඩ අතර වෙතැයි පොලීසිය කියයි.

    මෙම දේවගැති කාන්තාව මිනුවන්ගොඩ කනත්ත පාර පදිංචිව සිට ඇති අතර එම ඉඩම් දේපල විකුණා කාලයක් තිස්සේ නිල්පනාගොඩ නිවසක කුලී පදනම මත රැදී සිට ඇත. එසේ සිටින අතර අසල්වැසි නිවසක පදිචිව සිටි 85 හැවිරිදි වයෝවෘද්ධ මාතාවක සහ ඇගේ 63 හැවිරිදි අවිවාහක දියණිය සමීපව ඇසුරු කරමින් මිත්‍රත්වයක් ගොඩ නගාගෙන ඇත.

    මෙම අවිවාහක කාන්තාවට ඉදිරියේදී මරණය හෝ දේපල අහිමිවීමේ අවදානමක් ඇති බවට මෙම කපු කාන්තාව වරින් වර කියා ඇය මුලාවට පත් කර ඇතැයිද ජීවිතය හා දේපල ආරක්ෂා කර ගැනීම සදහා සෙත් ශාන්තියක් කරදිය හැකි බව දන්වා තිබේ. මෙම කාන්තාව කෝපිවත්ත කුලී නිවසට යාමෙන් පසු ද වරින් වර පෙරකී කාන්තාවට කතා කරමින් ඇතිවිය හැකි තර්ජනය ගැන අනතුරු අගවා තිබේ.

    ඒ අනුව එම කාන්තාව ශාන්තිකර්මයක් කර ගැනීම සදහා කැමැත්ත පල කර ඇත. දේවගැති කාන්තාව දැනුම්දී ඇත්තේ ඉකුත් 28 දා රාත්‍රි දේවාලයට එන ලෙසය. ඒ අනුව මව සහ දියණිය කැදවාගෙන ඒමට ත්‍රීරෝද රථයක්ද ඇය විසින් යවා ඇතැයි හෙලිවී ඇත.

    රන් ආබරණ ආදියද මල්ලක දමාගෙන දේවගැති කතගේ දේවාලයට ගිය පසු රන් ආභරණ සුදු රෙද්දෙහි ඔතා එහිම තබා ඇත. අනතුරුව ත්‍රීරෝද රියේම ගොස් තුන්මංහන්දියක පොල් ගෙඩි තුනක් ගසා එන ලෙසට දේවගැති කාන්තාවගෙන් උපදෙස් ලැබී ඇත. එසේ කර ආ පසු තැඹිලි හා වතුර පානයට දි ඇති අතර ඒවා පානයෙන් පසු කාන්තාව තරමක සිහි විකල් තත්තවයකට පත්ව තිබේ.

    රාත්‍රි 11.30 ට පමන ඔවුන් ත්‍රිෙරා්දරියෙන්ම පිටත් කරවා ඇත. දේවගැති කාන්තාව විසින් ඒ යන විට රන් භාණ්ඩ රැගෙන ආ මල්ල සෙත් ශාන්තිය කළ කාන්තාවගේ අතට දී ඇතැයි පොලිසිය සදහන් කරයි. අතරමගදී ඇය ප්‍රකෘති තත්තවයට පත්ව රන්ආභරන සොයා ඇතත් මල්ලෙහි ආභරණ නොමැති බව දැන යලි ආපසු කපු කාන්තාව හමුවී ඒ බව විමසා තිබේ.

    දේවගැති කාන්තාව කිසිත් නොදන්නා බව ප්‍රකාශ කිරීම හේතුවෙන් පොලීසියට මේ ගැන පැමිණිලි කිරීමට සෙත් ශාන්තියකර ගැනීමට ගිය කාන්තාව පියවර ගෙන ඇත.

    ඒ අනුව අපරාධ පරීක්ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව විමර්ශන පැවැත්වූ පොලිසිය රන් ආභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් දේවගැති කාන්තාව වන ජී. රෝෂීනී ධනංජනී ජයසිංහ නැමැත්තිය අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img