නිසි බලපත්‍ර නොමැතිව දුරකථන අලෙවි කරන ස්ථානවලට එරෙහිව පනවා තිබූ දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ නංවා තිබේ.
ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් 10,000ක දඩ මුදලකි.
සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා දඩ මුදල් ඉහළ නැංවීම සිදුකර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට බලපත්‍ර ලබා නොගන්නා වෙළෙඳසැල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.