වයස අවුරුදු 14ක් වයසැති බාලවයස්කාරියකගේ ලැම ප්‍රදේශය අතගාමින් පොලිස් ස්ථානය තුළදි ලිංගික අතවරයක් කළ පන්නල කදානේගෙදර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් කදානේගෙදර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අපරාධය ඇයට සිදුව ඇත්තේ කන්දෙගෙදර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය තුළදීය.
මෙම දැරිවිය ඇය පෙම් සම්බන්ධයක් පැවැත්වූ තරුණයෙක් සමග පළාගොස් සිට ඇති බව පොලීසිය කියයි. ඒ සම්බන්ධයෙන් දැරිවියගේ දෙමාපියන් පසුගිය 25 වෙනිදා පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර ඇත.
දැරිවියව දෙමාපියන් විසින් පසුව සොයාගෙන 26 වෙනිදා පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇත්තේ අවශ්‍ය නීතිමය පියවර ගැනීම සහ දැරිවියට පොලීසිය මගින් අවවාද කිරීම සඳහාය.
ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය දැරිවිය සිය භාරයට ගෙන ප්‍රකාශ සටහන්කරමින් සිටියදී මදක් ඇය කාර්යාලයෙන් ඉවතට ගොස් ඇත. ඒ අතර කාලය තුළදී උප පොලිස් පරීක්ෂකවරයා ඇයට ලිංගික අතවර කර ඇති බව දැරිවිය විසින් පැමිණිලිකරමින් පවසා තිබේ.