කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ දී රථවාහන වැරැද්දකට නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පොලිස් කොස්තාපල්වරයෙකුට රුපියල් 1000ක අල්ලස් මුදලක් ලබාදුන් ත්‍රීරෝද රථ රියදුරෙකු එම නිලධාරියා විසින් අල්ලා කුරුදුවත්ත පොලීසියට භාරදී ඇත.
පොලිස් කොස්තාපල්වරයා කුරුදුවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන රාජකාරියේ යොදවා සිටින නිලධාරියෙකි. මෙම නිලධාරියා බෞද්ධාලෝක මාවතේදී රථවාහන වැරැද්දක් සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයක් නවත්වා රියදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගොඩින් එය විසදා ගැනීමේ අපේක්ෂාවෙන් රියදුරු රුපියල් 1000ක මුදලක් පොලිස් නිලධාරියාට ලබාදීමට උත්සහදරා ඇත.
මෙම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා රියදුරුව අත්අඩංගුවට ගෙන කුරුදුවත්ත පොලිස් ස්ථානයට රැගෙන ගොස් භාරදී ඇත්තේ අල්ලස් කොමිෂන් සභාවටද මේ ගැන දැනුම් දෙමිනි.
මෙසේ අත්අඩංගුවටගත් රියදුරා වලස්මුල්ලේ පදිංචි අවුරුදු 38ක් වයසැති අයෙක් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.