තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිළිඳාගේ කකුල රෝදයට යටකර වීඩියෝව විදෙස්ගත මවට යැවූ නරුම පියා

    බිළිඳාගේ කකුල රෝදයට යටකර වීඩියෝව විදෙස්ගත මවට යැවූ නරුම පියා

    වයස අවුරුදු 03යි මාස 06ක් වයසැති සිය දරුවාට පහරදෙමින් කෘෘර ලෙස සලකමින් ඒ දේවල් වීඩියෝගතකර වට්ස්ඇප් මගින් විදේශගතව සිටින සිය බිරිඳට යොමු කළ නරුම පියෙකුව ඇල්පිටිය පොලීසිය ඊයේ රාත්‍රී කාලයේදී අත්අඅඩංගුවට ගෙන ඇත.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය අනුරුද්ධගම පදිංචිකරුවෙක් වන 24 හැවිරිදි වියේ පසුවන්නෙකි. මෙම පුද්ගලයා අරක්කැමියෙක් බව පොලීසිය කියයි.

    මෙම පුද්ගලයාගේ බිරිඳ අවුරුදු 24ක් වයසැති තැනැත්තියක් බව පොලීසිය කියයි. ඇය විදේශගතව රැකියාවක කිරතව සිටින්නියකි. දරුවාගේ භාරකාරිත්වය පැවරී තිබී ඇත්තේ සැමියාටය.

    දරුවා කුසගින්නට ආහාර ඉල්ලා සිටින විට මෙම නරුම පියා දරුවාට ඉතා පහත් වචනවලින් බැන වැදී බිම දණ ගස්සවන බවත් දරුවාගේ එක් පාදයක් පාපැදියක ඉදිරිපස රෝදයට යට කරමින් කෘෘරත්වයට පත්කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශය කාර්යාලය සඳහන් කළේය.

    මේ හැම දෙයක්ම ඔහු ජංගම දුරකථනයකින් වීඩියෝගතකර විදේශගතව සිටින බිරිඳට වට්ස් ඇප් මගින් යොමුකර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේද හුවමාරුවන බවත් ඒ සම්බන්ධයෙන් 118 කෙටි පණිවුඩ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව සැකකාර පියාව අත්අඩංගුවට ගත් බවත් ඇල්පිටිය පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img