fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පලායන මාල හොරු පොලිස් නිලධාරීන්ට කරපු දේ..

    පලායන මාල හොරු පොලිස් නිලධාරීන්ට කරපු දේ..

    spot_img

    බුලත්කොහුපිටියේදී මහ මග ගමන්කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් ඊයේ දහවල් කාලයේදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි දෙදෙනෙක් විසින් කොල්ලා පළාගොස් ඇත.

    මෙම කාන්තාව මේ ගැන පොලීසියට දැනුම්දීමත් සමඟ බුලත්කොහුපිටිය පොලීසියේ නිලධාරීන් රේඩියෝ පණිවුඩ ඔස්සේ අවට පොලිස් ස්ථාන දැනුවත්කර ඇත්තේ කොල්ලකරුවන් දෙදෙනා පළායමින් සිටි යතුරුපැදියේ හැඩරුවද සඳහන්කරමිනි.

    පින්දෙණිය පොලිස් ස්ථානයේ ජංගම රාජකාරි සඳහා යොදවා ඇති පොලිස් ත්‍රීරෝද රථය මේ වන විට තිබී ඇත්තේ අටාල ප්‍රදේශයේය. වහාම ක්‍රියාත්මක වූ එම රථයේ ගමන්කරමින් සිටි පොලිස් නිලධාරීන් අටාල පාලම මතින් මග හරස්කර ත්‍රීරෝද රථය නතරකර ඇත්තේ වාහන පරීක්ෂාවක් සඳහාය.

    ඒත් එක්කම කොල්ලකරුවන් දෙදෙනා රැගත් යතුරුපැදිය වේගයෙන් ඉදිරියට පැමිණෙමින් තිබේ. පොලිස් නිලධාරීන් එම යතුරුපැදිය නතරකරලීමට අණකරන විට පොලිස් නිලධාරීන්වද යටකර ඔවුන් දෙදෙනා පළායාමට උත්සහා දරා ඇත. කෙසේවෙතත් පොලිස් නිලධාරීන් දැඩි පරීශ්‍රමයක් දරා යතුරුපැදිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විටත් එම ස්ථානයේ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක් යතුරුපැදියේ ගැටී තුවාල ලබා සිට ඇත. මේ වන විට එම නිලධාරීණ් දෙදෙනා කෑගල්ල රොහලට ඇතුලත්කර ඇත.

    අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින අවුරුදු 40 හා 28 යන වයස්වල පසුවන වැලිවේරියේ පදිංචිකරුවන්ය. ඔවුන් දෙදෙනාද තුවාල ලබා මේ වන විට කෑගල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව සහිතව ප්‍රතිකාර ලබයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img