තම වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් හෙට (23) සිට යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගයට යාමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
එම සංගමයේ සභාපති සුමේධ නවරත්න මහතා ප්‍රකාශ කළේ දුම්රිය ස්ථානාධිපතිවරුන් 922කගේ උසස්වීම්, බඳවාගැනීම් ඇතුළු සිය ඉල්ලීම් 13ක් විෂය භාර අමාත්‍යවරයාට ඉදිරිපත් කළ බවයි.
ඒ අතුරින් ඉල්ලීම් 6කට විසඳුම් ලබාදීමට ඇමතිවරයා පොරොන්දු වූ බවත් අද ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට අනුව විසඳුම් අපේක්ෂා කරන බවත් සුමේධ නවරත්න මහතා ප්‍රකාශ කළේය.