fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඡන්දෙ ගැන ජනපතිගෙන් ආණ්ඩු මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දුවක්

    ඡන්දෙ ගැන ජනපතිගෙන් ආණ්ඩු මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දුවක්

    spot_img

    අයවැයෙන් මුදල් වෙන්කලේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහතිකවී තිබේ.

    ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.

    තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවද සදහන් කළේය.

    පසුගිය සමය ඉතාම දුෂ්කර කාලයක් වූ බවත් පැවසූ ජනාධිපතිවරයා මේවනවිට රට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බවද පැවසීය.

    තම රජය වැඩකර රටට පෙන්වා දුන් බවත් විපක්ෂ ඇතුළු අනෙක් කණ්ඩායම් තවමත් කතා පවත්වමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img