චීන සහ අප්‍රිකානු දරුවන් වෙනුවෙන් බෙයිජිං අගනුවර පැවැත්වෙන “Love in Sunshine” ගිම්හාන කඳවුරට චීන ජනපති ආර්යා පෙං ලියුවාන් මහත්මිය එක්වෙයි. ඇය ඉකුත් 19 වැනිදා ඊට සහභාගි වූවාය.
පෙන් ලියුවාන් මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය සහ AIDS රෝගය පිටුදැකීම පිළිබඳ මිත්‍ර තානාපතිවරියක වන අතර, යුනෙස්කෝ සංවිධානයේ ගැහැණු දරුවන්ගේ සහ කාන්තා අධ්‍යාපනය පිළිබඳ විශේෂ නියෝජිතවරියකි.
ගිම්හාන කඳවුරට එක්වෙමින් ඇය කියාසිටියේ, මෙය චීන-අප්‍රිකානු දරුවන්ගේ සුහද හමුවක් පමණක් නොව, මහාද්වීප අතර මිත්‍රත්වය සඳහා මනා ආදර්ශනයක් බවයි. අප්‍රිකාව නිරත සංවර්ධන ගමනේ ප්‍රධාන සහයෝගී පාර්ශ්වයක් ලෙස චීනය, අප්‍රිකානු දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍යසම්පන්න බව සහතික කිරීමට කැපවන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
දකුණු අප්‍රිකාව, නැමීබියාව, සෝමාලියාව, උගන්ඩාව හා මධ්‍යම අප්‍රිකානු ජනරජය ඇතුළු රටවල දරුවන් මෙන්ම චීනයේ සිචුවාන් හා යුන්නාන් පළාත්වල දරුවෝ ද මේ සඳහා එක්ව සිටියහ. එසේම එම රටවල් නියෝජනය කරන රාජ්‍යතාන්ත්‍රික පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.