කොළඹ වරායට පැමිණෙමින් සිටි MV Maersk Frankfurt බහාලුම් නෞකාව ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කර්වාර් වෙරළට ඔබ්බෙන් වූ අරාබි මුහුදේ දී ඊයේ සවස ගිනිගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගින්න ඇතිවූ අවස්ථාවේදී එහි සේවය කළ පිලිපීන ජාතිකයකු මියගොස් තිබු බවයි.
මේ වනවිට පැය 13ක පමණ කාලයක් තිස්සේ ගින්න නිවීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය උත්සහ කරමින් සිටී.
කාර්ය මණ්ඩලයේ 21 දෙනකු එහි සිටි බවත් යුක්රේන, පිලිපීන, මොන්ටෙනෙග්රින් ජාතිකයන් ඒ අතර වූ බවත් එම වාර්තා පවසයි.
මෙම නෞකාව ජාත්‍යන්තර සමුද්‍රීය අන්තරායකර භාණ්ඩ (IMDG) භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිට ඇත.
අලුතින් සාදා 2024 දී ප්‍රවාහන කටයුතු ආරම්භ කරන ලද Maersk විසින් කුලියට ගත් මෙම නෞකාවෙන් මුම්බායි හි සමුද්‍ර ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) සිකුරාදා ආපදා ඇමතුමක් ලැබී ඇත.
පිපිරුම් හඬ ඇසී ඇත්තේ නෞකාවේ ඉදිරිපස කොටසිනි.
පරිපථයක් දෝෂයකට ලක්වීම හේතුවෙන් ගින්න හටගෙන පැතිර ගොස් ඇත. මුලදී, නෞකාවේ කාර්ය මණ්ඩලය තනිවම ගින්න නිවා දැමීමට උත්සාහ කළ නමුත් එය පාලනය කිරීමට නොහැකි විය.
ඔවුන් සහය ඉල්ලා ඇත්තේ කාර්ය මණ්ඩලයට ගින්න මැඩපැවැත්වීමට නොහැකි වූ විට ය.
ගෝවා අසල කාර්වාර් හි කඳවුරක් ඇති ඉන්දීය නාවික හමුදාව ඔවුන්ගේ නැව් සූදානම් කරන ලෙස ඉල්ලීම් කර ඇත.
කන්ටේනර් පුපුරවා හැරීමට හේතු වූ ගින්න තට්ටුව වෙත ද වේගයෙන් පැතිර ගියේය.
ඉන්දියාවේ කාර්වාර් සිට නාවික සැතපුම් 50 ක් පමණ දුරින් එම නෞකාවේ විශාල ගින්න වාර්තා වූ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය (ICG) පැවසීය.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පැවසුවේ එහි ඩෝනියර් ගුවන් යානය සහ සෂේ, සුජීත් සහ සම්රාට් යන නෞකා මෙම නෞකාව බේරාගැනීම වෙනුවෙන් වහාම ක්‍රියාකරමින් සිටින බවයි.
යාත්‍රාවේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දැනට ගිනි නිවීමේ කටයුතු කෙරෙහි අවධානය යොමු කර ඇත.
“1430 IST ට පමණ මුන්ද්‍රා සිට කොළඹ බලා යාත්‍රා කරමින් තිබියදී මාර්ස්ක් ෆ්රැන්ක්ෆර්ට් නෞකාවේ ගින්නක් වාර්තා වූ බව අපට තහවුරු කළ හැකිය. ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහය ඇතිව ගිනි නිවීමේ කටයුතු ක්‍රියාත්මකයි. යාත්‍රාව ස්ථාවර තත්ත්වයේ පවතී.” මර්ස්ක් සමාගම පවසයි.
මූලික වාර්තාවලට අනුව, නෞකාවේ කන්ටේනර් 160 න් 20 ක් ගිනිගෙන ඇත.
භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉන්දීය වෙරළේ සිට නාවික සැතපුම් 80ක් පමණ දුරින් ඇති බව ඉන්දීය නාවික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
Further updates on #MaerskFrankfurt fire:@IndiaCoastGuard Ships Sujeet, Sachet and Samrat have been fighting the fire for over 12 hours, preventing its spread. As of 0700 hrs, 20 Jul, the vessel is 6.5 NM south of #Karwar, #ICG Dornier aircraft Ex #Goa is conducting aerial… pic.twitter.com/nevStJvjpa
— Indian Coast Guard (@IndiaCoastGuard) July 20, 2024