fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රූපලාවන්‍ය බඩු-පොහොර තිබූ රේගු බහලුම් හොරට නිදහස් කළ නිලධාරීන්ට කරපු දේ..

    රූපලාවන්‍ය බඩු-පොහොර තිබූ රේගු බහලුම් හොරට නිදහස් කළ නිලධාරීන්ට කරපු දේ..

    spot_img

    රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන විනය විරෝධී ලෙස කටයුතු කළ නිලධාරීන් පිරිසකගේ වැඩතහනමට ලක්කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    පසුගිය ජනවාරි මාසයේදී පමණ මෙරටට ගෙන්වනු ලැබූ බහාලුමක රූපලාවන්‍ය උපකරණ සහ දියර පොහොර අඩංගුව තිබී ඇත.

    ඒවා ආනයනය කිරීම සඳහා නිසි අවසරයක් ලබාගෙන නොතිබූ නිසා එම බහාලුම රඳවා තබාගැනීමට කටයුතු කළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    රූපලාවන්‍ය උපකරණ ගෙනඒම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අවශ්‍ය වන අතර දියර පොහොර රැගෙන ඒම සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ලබාගත යුතු ය.

    එවන් අවශ්‍යතා කිසිවක් සපුරා නොතිබියදී පසුගිය සතියේදී නිලධාරීන් පිරිසක් විසින් මෙම බහාලුම නීතිවිරෝධි ලෙස මුදාහැර ඇත.

    ඊට සම්බන්ධ සියලු නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.

    රේගුව යනු රටේ ආර්ථිකයට බලපාන මෙන්ම ජනතාව සමඟ සම්බන්ධ වැදගත් ආයතනයක් බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img