fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇසළ පුරපසළොස්වක පොහොය අදයි

    ඇසළ පුරපසළොස්වක පොහොය අදයි

    spot_img

    ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.

    ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය.

    සකල ලෝවැසියන්ගේ හිතසුව පිණිස වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරදුන්ගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකදී ය.

    බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳගැනීම, සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය.

    බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන ලද්දේ ද ඇසළ පුන් පොහෝ දිනක වන අතර තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වාදෙමින් අභිධර්ම දේශනා කිරීම සිදුකරනු ලැබුයේ ද අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

    අරිට්ඨ කුමරු ඇතුළු 50 දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබුවේ ඇසළ පුරපසළොස්වක පොහොය දිනයක වන දන්ත කුමරු සහ හේමමාලා කුමරිය දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවූයේ ද අද වැනි පොහොය දිනයක බව සඳහන්ය.

    විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ සිට වීම විශේෂත්වකි.

    බෞද්ධ සහ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පොහොයක් ලෙස සැලකෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img