fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝකෙටම බලපෑ තාක්ෂණික දෝෂය ගැන ශ්‍රීලංකන් ගුවන්සේවයෙනුත් පණිවුඩයක්

    ලෝකෙටම බලපෑ තාක්ෂණික දෝෂය ගැන ශ්‍රීලංකන් ගුවන්සේවයෙනුත් පණිවුඩයක්

    ශ්‍රීලංකන් ගුවන්සේවයේ අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ සේවාවන්ට බලපාන තුන්වන පාර්ශ්ව සේවා සපයන්නන්ගේ ගෝලීය වශයෙන් සිදු වූ තාක්ෂණික දෝෂය හේතුවෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් ඇතිවු බව එම ගුවන්සේවය පවසයි.

    මේ නිසා මගීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළකර සිටී.

    ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14:00 පැයට (GMT 08:30) මෙම තාක්ෂණික දෝෂය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇත.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර සහාය සඳහා කරුණාකර +94 19733 1979 හි අපගේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය අමතන ලෙසත් මේ පිළිබඳව අවබෝධයෙන් යුතුව ශ්‍රීලංකන් ගුවන්සේවය වෙත ලබාදෙන සහයෝගය වෙනුවෙන් ස්තූතිය පිරිනමන බවත් එම ගුවන්සේවය නිවේදනය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img