යුරෝපා සංගමය මෙරට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කර ඇතැයි පළවන වාර්තා සාවද්‍ය බව ෆැක්ට්ස්සීකර් (Factseeker) පෙන්වා දී ඇත.
අදාළ තොරතුරු අනුව එම සංවිධානය මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ මාධ්‍ය අංශයෙන් ඒ පිළිබඳ විමසීමක් කර තිබේ.
තමන් එවැනි පර්යේෂණ කිසිවක් කර නොමැති බවත් මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවත් එම මාධ්‍ය අංශය තහවුරු කර ඇත.
යුරෝපා සංගමය මේ පිළිබදව ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලයේ නිල X වෙබ් අඩවියේ ද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවේ මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු මත විමසුමක් සිදුකර නැති බවයි. මෙය සම්පූර්ණයෙන් ම අසත්‍ය පුවතක් බව ඔවුන් අවධාරණය කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති කාර්යාලය මගින් මත විමසුමක් සිදුකළ බවට පළ කර ඇති වාර්තා ව්‍යාජ එකක් බව Factseeker තහවුරු කරයි.