fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"වසර 2ක් තිස්සේ අගමැතිට කිව්වා. විසඳුම් තාම නෑ"

    “වසර 2ක් තිස්සේ අගමැතිට කිව්වා. විසඳුම් තාම නෑ”

    spot_img

    කළමනාකරණ සේවාවේ ගැටලුවලට වසර 2කට පෙර කැබිනට් අනුමැතිය ලද විසඳුම්වත් ක්‍රියාත්මක නොකරන බලධාරීන් වෘත්තිය සමිතිවලට දෝෂාරෝපණය කිරීම වැරදි බව කළමනාකරණ සේවා නිලධාරී එකමුතුව වෙනුවෙන් රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ විෂයබාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දෙවසරක් තිස්සේ මෙම ගැටලු ඉදිරිපත් කළත් එම ගැටලුවලට අවධානය යොමුවී නොමැති බවයි.

    ඇතැම් ඉල්ලීම් වසර 10ක් පැරණි බවත් හැකි පියවරවත් නොගෙන බලධාරීන් තමන් තැනින් තැනට යැවීමට කටයුතු කරන්නේ මන්ද යන්න එම සංගමය විමසා සිටී.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා,

    “කළමනාකරණ සේවාවේ වසර ගනනාවක් තිස්සේ පවතින ගැටලු රාශියක් තියෙනවා. ඒ ගැටලු විසදන්න බලධාරීන් ගේ අවධානය මෙතෙක් යොමු වෙලා නෑ. මේ තත්වය නිසා සියලුම කළමනාකරණ සේවා නිලධාරීන් අතෘප්තිමත්. ජූලි 8 -9 දෙදින අසනීප නිවාඩු වාර්තා කරමින් අපි බලධාරීන්ට කීවේත් මේ ගැටලුවලට විසදුම් දෙන්න කියලා. වසර ගානක් තිස්සේ මේවා ආයතනයෙන් ආයතනයට යවනවා විතරයි. උත්තර නෑ විසදුම් නෑ. එක්කෝ අපේ ගැටලු අදාල අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අගමැතිතුමා වෙත මේ ගැටලු හැමදාම ඉදිරිපත් කලත් අවධානයක් යොමු වෙලා නෑ. වසර දෙකකට පෙර කැබිනට් අනුමැතිය ලැබුණු සුවිශේෂි කාර්‍යසාධනය මත උසස්වීම් තරග විභාග ක්‍රමයවත් තාම ලබා දීලා නෑ. MN3 වැටුප් පරිමාණය සම්බන්ධයෙන් නිර්දේශ දීලා වසර තුනක් ගියත් ඒක ක්‍රියාත්මක වෙලා නෑ.
    පරිපාලන නිලධාරීන්ගේ පැවති විධායක තත්වය නැවත දෙන ඉල්ලීමට වසර 10කට වැඩි. මේ ඉල්ලීම් ගැන වසර ගනනාවක් බලධාරීන්ගේ අවධානය යොමු නොකර වෘත්තීය සමිතිවලට චෝදනා කිරීම වැරදියි. අපි අහන්නේ කරන්න පුලුවන් දේවත් වසර ගනනාවක් යන තුරු නොකර ඉන්නේ ඇයි කියලා. කළමනාකරණ සේවාවේ මේ ගැටලු සදහා කඩිනමින් විසදුම් ඉල්ලා සිටිනවා.”

    අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති අධ්‍යක්ෂ නීති‍ඥ තුෂාර දිසානායක මහතා විසින් කරන ලද කැඳවීකට අනුව මෙම වෘත්තීය ගැටළු සම්බන්දයෙන් ජූලී 09 සාකච්ඡාවක් ලබාදී ඇත.

    එහිදී කළමනාකරණ සේවා නිලධාරීන් වශයෙන් අප මුහුණදෙන වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් දීර්ඝකාලයක් තිස්සේ විසඳුම් ලබාදී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් ඇති සියළු නිර්දේශ හා ඉල්ලීම් සාධාරණීකරණයට අදාළ වාර්තා සංගමය විසින් ඉදිරිපත් කර ඇත.

    සාකච්ඡාව අවසානයේ එම ඉල්ලීම් අතුරින් MN 3 වැටුප් පරිමාණය ලබාදීමට අදාළව සහ උසස්වීම් විභාග ක්‍රමය ලබාදීමට ලබාදී ඇති නිර්දේශ හා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සමග කළ සාකච්ඡා සටහන් අනුව විසඳුම් පමාවීම පරිපාලනමය වරදත් බවත්, ඉල්ලීම් මෙන්ම වැඩවර්ජන තීරණය ද සාධාරණ බවත් ප්‍රකාශ කරන ලදී.

    ඒ අනුව එම ඉල්ලීම් ජූලි 17 දිනට පෙර ඉටුකිරීමට හැකිවනු ඇතැයි අපෙක්ෂා කරන බව අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති අධ්‍යක්ෂවරයා පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img