තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට දුම්රිය වර්ජනයක් -වර්ජකයන්ට වෙන දේ..

    හෙට දුම්රිය වර්ජනයක් -වර්ජකයන්ට වෙන දේ..

    දුම්රිය සේවයට වාර්තා නොකරන සේවකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දෙයි.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කිරීමට නියමිත වැඩවර්ජනය නීතිවිරෝධී බව පවසමින් ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත.

    දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් වර්ජන ක්‍රියාමාර්ගය නීතිවිරෝධී බව ද හෙතෙම පෙන්වා ‍දේ.

    අද (09) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් නිවේදනය කර තිබුණි.

    මේ අනුව හෙට පැවැත්වෙන වර්ජන ක්‍රියාමාර්ගය හමුවේ ගත් පියවර පිළිබඳ දුම්රිය සේවය මගින් නිකුත් කළ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img