ශ්‍රී ලංකා නැව් ඒජන්තවරුන්ගේ සංගමයේ (CASA) විධායක කමිටුව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සංචාරයක නිරත විය. CASA සහ HIP අතර සබඳතා ශක්තිමත් කර සහයෝගීතාව වර්ධනය කිරීමට මෙන්ම වරාය හරහා ශ්‍රී ලංකාවේ නාවික හා සැපයුම් අංශයන් සඳහා ඇතිකර ගත හැකි අනාගත අවස්ථා පිළිබඳ සොයාබැලීම සංචාරයේ අරමුණ විය.
CASA හි සභාපති ෂනෝ සබර්; උප සභාපති ජනේෂ් රත්නදාස, භාණ්ඩාගාරික මුෂින් කිචිලන්; මහලේකම් රැල්ෆ් ආනන්දප්පා, හිටපු කාරක මණ්ඩල සාමාජික නිමල් චන්ද්‍රසිරි; බහාලුම් මෙහෙයුම් – කමිටු සභාපති ලෝහිත හෙට්ටිආරච්චි; බහාලුම් මෙහෙයුම් – කමිටු සභාපති සුමේධ පෙරේරා; PRP – කමිටු සභාපති ෂේන් ද අල්විස්; මුල්‍ය හා තීරුබදු – කමිටු සභාපති ප්‍රියංග විජේවීර; බහාලුම් මෙහෙයුම් – උප සභාපති නිර්මාල් දිසානායක සහ යංග්ෂිප් ශ්‍රී ලංකා හි භාණ්ඩාගාරික සහ සාමාජික ක්‍රියාකාරකම්හි උප සභාපති සුනේර විජේසේකර යන මහතුන් දූත පිරිසට ඇතුළත් විය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් සමාගමේ (HIPS) හි ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් රවී ජයවික්‍රම මහතා ඇතුළු, HIPG සහ HIPS හි කළමනාකරණ කණ්ඩායම CASA විධායක කමිටුව හමුවිය. HIPGහි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දු රණසිංහ මහතා විසින් වරායේ වත්මන් ප්‍රගතිය, කාර්මික උද්‍යාන ක්‍රියාකාරකම්, සිනොපෙක් හවුල්ව තෙල් පිරිපහදු ව්‍යාපෘතිය මෙන්ම ඉදිරි ව්‍යාපාර පිළිබඳව ද ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී.
එහිදී අදහස් දැක්වූ HIPG හි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා, සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවට නව ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට නම්, නාවික ක්ෂේත්‍රයේ නිසි ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම ඉතාමත් වැදගත් බව අවධාරණය කළේය. එමෙන්ම HIP හි බහාලුම් සේවාව කොළඹ වරායට රුකුලක් වන බවද ඔහු ප්‍රකාශ කලේය. එසේ වන්නේ බහාලුම් හැසිරවිමේ පරිමාවන් වෙනත් වරායකට නොහැර රට තුලම රදවා ගත හැකි වන නිසායි. දැනට රතු මුහුදේ ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මුහුදු මාර්ග වෙනස් වීම මෙය තවදුරටත් තහවුරු කරයි.
බහාලුම් සේවා ආරම්භ කිරීම ඇතුළුව වරායේ සංවර්ධන කටයුතු පිළිබඳව CASA හි සභාපතිවරයා සිය ප්‍රසාදය පළ කළේය. ඉදිරි වසර 5 තුළ වසරින් වසර සියයට 20 ක වර්ධනයක් ළඟා කර ගැනීමට වරාය කළමනාකරණය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ද ඔහු ප්‍රශංසා කළේය.