අතුරුගිරිය ඔරුවල පාරේ දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් ටී 56 අවි දෙකක් යොදාගෙන කළ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් කැරොකේ වසන්ත මියගොස් ඇති බව සඳහන්ය.
ගායිකාවක් වන කේ. සුජීවා ඇතුළු 06ක් තුවාල ලබා ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.
වසන්ත නමැත්තා දැඩි දේශපාලන සම්බන්ධකම් ඇති පුද්ගලයෙක්ද විය.
මෙයට සුළු මොහොතකට පෙර මෙම වෙඩි තැබීම සිදුව ඇත.
යම් ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට මෙම පිරිස පැමිණ ඇති බව සඳහන්ය.