2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය වී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කර ඇත.
එමෙන්ම ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බව ද ජනාධිපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ කළ එම නිවේදනයේ දැක්වේ.
මෙම ප්‍රකාශය පළවන්නේ ඊයේ දිනයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ව්‍යවසායකු විසින් පෙත්සමක් ඉදිරිපත් කරන ලද පසුබිමක දී ය.
වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන ලෙසත්, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර ඇති පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් ඉල්ලා තිබුණි.
සබැඳි පුවත්
ජනපතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්