fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩා දරුවන් ගැන බය හිතෙන අනාවරණයක්

    කුඩා දරුවන් ගැන බය හිතෙන අනාවරණයක්

    අත්වැරදීම්වලින් විෂ ශරීරගතව රෝහල්ගත වන අයගෙන් 90%ක් පමණ කුඩා දරුවන් වන බව අනාවරණය වී තිබේ.

    ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රවී ජයවර්ධන මහතා පවසන්නේ එලෙස රෝහල්ගත වන මුළු රෝගීන්ගේ ප්‍රමාණයෙන් 20,000ක් පමණ කුඩා දරුවන් බවයි.

    තික අනතුරු නිවාරණ සතියට සමගාමීව පසුගියදා (01) රජයේ ප්‍රවෘත්ති දෙප‍ාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

    මෙවැනි විෂ ශරීරගත වීම් වළක්වා ගතහැකි සිදුවීම් බව ඔහු කියයි.

    ඒවා වළක්වා ගැනීමට වැඩිහිටියන් කටයුතු කළයුතු බව ද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

    බොහෝ විට විෂ ද්‍රව්‍ය වැඩිපුර භාවිත කරන ස්ථානය නිවස වන බවත් අප නොදැනුවත්වම නිවස තුළ විෂ ද්‍රව්‍ය රැසක් තැන්පත් කර ඇති බවත් ඒ මහතා පැවසීය.

    මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් සඳහා භාවිත කරන උපකරණ පිරිසිදු කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය, රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරන නිය ආලේපන ඉවත් කිරීමේ දියර වර්ග මෙන්ම බොහෝ නිවෙස්වල ඖෂධ වර්ග නිසි පිළිවෙලකින් තොරව තැන් තැන්වල අනාරක්ෂිතව තබා ඇති බවත් ඒ මහතා මෙහිදී පැහැදිලි කළේය.

    පේන්ට් වර්ග, ඩයි වර්ග මෙන්ම තිනර් වැනි දේ අනාරක්ෂිතව පවතින බව අවධාරණය කළ ඒ මහතා කුඩා දරුවන්ට ඉතා පහසුවෙන් මෙවැනි විෂ ද්‍රව්‍යයන්ට ළඟා විය හැකි බවත් මෙැවැනි විෂ ශරීරගත වීම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.